කාර්-යතුරුපැදි ගැටී පැදිකරු කඩේක වහලයකට විසිවෙයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හොරණ මලගල පාර පාදුක්ක ගුරුගොඩ සමුර්දි බැංකුව අසල දී ඊයේ පස්වරුවේ මෝටර් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන්  යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනා බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව හොරණ පොලිසිය කියයි

යතුරු පැදිය සහ මෝටර් රථයේ එකිනෙක ගැටීමත් සමඟම  ගිනි ගැනීමට ලක්ව ඇති අතර හොරණ  නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් මැදිහත්ව ගින්න නිවා දමා ඇත

අනතුරින් යතුරු පැදියේ පසුපස ගමන් ගත් පුද්ගලයා මීටර් පහළොවක් පමණ උඩින් විසිවී ගොස් ප්‍රතිවිරුද්ධ දිශාවේ තිබෙන වෙළඳසැලක වහලය මත පතිත වී ඇතැයි පොලිසිය කියයි

පැදිකරු කම්බි වැටක් මතින් විසිවී ගොස් අසල වත්තක ට වැටී ඇතැයි පොලිසිය කියයි

මෝටර් රථයේ මීවනපලාන සිට ගුරුගොඩ  දෙසට පැමිණෙමින් සිටියදී වංගුවක් සහිත ප්‍රදේශයක දී  ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි මෝටර් රථය හා මුහුණට මුහුණ ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි

වහලය මතට පතිත වූ පසු පැදිකරු ප්‍රදේශවාසීන් සහ හොරණ ගිනි නිවීමේ නිලධාරීන් එක්ව  දැඩි ආයාසයක් දරා පහතට ගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත

යතුරු පැදිය පැදවූ පුද්ගලයාගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බව පොලිසිය කියයි.